පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 11 වෙනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.


අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වෙනි සදුදා දින අපර භාග 8.23 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.


පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 1.59 සිට එදින රාත්‍රී 2.47 (අප්‍රේල් මස 14 වෙනි අගහරුවදා පූර්ව භාග 2.47) දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 1.59 පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන සදුදා දින අපර භාග 8.23 සිට අප්‍රේල් 14 අගහරුවදා පූර්ව භාග 2.47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.


ආහාර පිසීම

අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10.05 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැද, ගිනි මොළවා, දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කරගැනීම මැනවි.


වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10.43 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.


හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වෙනි බදාදා උදේ 9.17 ට හරිත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.


රැකීරක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වෙනි සිකුරාදා උදේ 7.56 ට ළා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.